2020
පවුල් ඉතිහාසය හරහා දේවසේවය
පෙබරවාරි 2020


දේවසේවා මූලධර්ම, 2020 දෙසැම්බර්

පවුල් ඉතිහාසය තුලින් දේවසේවය

රූපය
ministering

ජෝෂුවා ඩෙනිස්ගේ නිදර්ශනය; පසුබිම් රූප සහ ඡායාරූප ගෙට්ටි ඉමේජස් විසින්

යම් අයෙකුට ඔවුන්ගේ පවුල් ඉතිහාසය සඳහා උපකාර කිරීම දේවසේවයේ යෙදීමට ප්‍රබල ක්‍රමයකි. පවුලේ කථාන්දර හා විස්තර මගින් ඔබ අන් අයව ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ සම්බන්ධ කරන නිසා, ඔවුන්ගේ හදවතේ ඇති ඔවුන් සමහර විට කවදාවත් නොදැන සිටි හිඩැස් ඔබ පුරවයි (බලන්න මලාකි 4:5–6).

එය ජීවිත කාලය පුරාම සභාවේ සාමාජිකයෙකු වුවද, හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය ගැන අසා නැති කෙනෙකු හෝ වුවද, දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ඔවුන් පැමිණියේ කොහෙන්දැයි දැනගැනීමට මහත් ආශාවක් ඇත.

පහත කථාවල දැක්වෙන පරිදි, ගැඹුරු හා කල්පවතින හැඟීමක් ඇති කිරීමට බොහෝ විට දිගු කාලයක් ගත නොවේ.

අඩි 30,000 කදී පවුල හමුවීම

මෑතකදී නිවස බලා ගුවන් යානයක යද්දී, ඔහුගේ පුද්ගලික කථාවේ කොටස් මා සමග බෙදාගත් ස්ටීව්ට යාබදව මම සිටියෙමි. ඔහු උසස් පාසලෙන් උපාධිය ලබා, එක්සත් ජනපද හමුදාවට සන්නිවේදන විශේෂඥයෙකු ලෙස වයස අවුරුදු 18 දී ඇතුළත්ව, ඉතා ඉක්මනින්ම එක්සත් ජනපද ජනාධිපතිවරයාට සන්නිවේදන සහාය සපයමින් ධවල මන්දිරයේ සේවය කිරීමට පටන්ගෙන තිබුණි. වයස අවුරුදු 18 සිට 26 දක්වා ඔහු එක්සත් ජනපද ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සේවය කර තිබුණි. ඔහුගේ කථා චිත්තාකර්ෂණීය විය!

“ස්ටීව්,” මම මෙසේ පැවසුවෙමි, “ඔබේ අනාගත පරම්පරාව සඳහා මෙම කථා ඔබ ලිවිය යුතුය! සෘජුවම ඔබේ දෘෂ්ටිකෝණයෙන් මෙම කථාන්දර ඔවුන්ට තිබිය යුතුය.” ඔහු එකඟ විය.

එවිට ඔහුගේ මුතුන්මිත්තන් ගැන ඔහු දන්නේ කුමක්දැයි විමසීමට ආත්මයාණන් මා පෙළඹවීය. 1860 එක්සත් ජනපද ජනාධිපතිවරණය අතරතුර ගම්බද ප්‍රදේශ හරහා ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී ඔහුගේ පවුලේ අය වරක් ඒබ්‍රහම් ලින්කන් සමග රාත්‍රී ආහාරය ගත් ආකාරය පිළිබඳ කථාවක් ඇතුළුව, ස්ටීව් තම මවගේ පැත්ත පිළිබඳ බොහෝ දේ දැනසිටියේය.

කෙසේවෙතත්, ඔහු තම පියාගේ පැත්ත ගැන දැනසිටියේ ඉතා ස්වල්පයකි. ඔහුට ඇත්තටම වැඩිදුර දැනගැනීමට අවශ්‍ය විය. මම මගේ දුරකථනය එලියට ගෙන පවුල්සෙවුම් යෙදුම විවෘත කළෙමි. “ස්ටීව්, අපට ඔබගේ පවුල මේ දැන්ම සොයාගත හැකියි!”

මම ගුවන්යානයේ Wi-Fi සමග සම්බන්ධ වී සිටියෙමි. අප දෙදෙනාටම දැකිය හැකි පරිදි මම මගේ දුරකථනය මා ඉදිරිපිට තැටි මේසය මත තැබුවෙමි. අපි පවුල් ගස සෙව්වෙමු. මිනිත්තු කිහිපයක් ඇතුළත අපි දෙදෙනාම ඔහුගේ මී-ආච්චි සහ මී-මුත්තාගේ විවාහ සහතිකය දෙස බලාසිටියෙමු.

“ඒ ඔවුන්!” ඔහු පැවසුවේය. “මට දැන් ඇගේ අන්තිම නම මතකයි!”

උද්යෝගයේ ආත්මය අප දෙදෙනා මත වැගිරුණි. ඉදිරි මිනිත්තු 45 තුළ ඔහුගේ එතරම් ප්‍රසිද්ධ නැති මුතුන් මිත්තන් සඳහා ගිණුම් තැනීමට අපි ක්‍රියා කළෙමු. අප එක්ව කොලරාඩෝ හිදීත් දිගටම සෝදිසි කරන බවට ඔහුට පොරොන්දු වන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. යානය ගොඩබසින විට අපි සම්බන්ධ විය හැකි තොරතුරු හුවමාරු කරගත්තෙමු.

මෙහි අපි, අඩි 30,000 ක් (9,145m) අහසේ පියාසර කරමින්, මගේ අත තරම් කුඩා උපකරණයක් සහිතව, ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අහිමි වී ඇති, මීට වසර 100කට පෙර විවාහ වූ පිරිමියෙකු හා කාන්තාවක් සොයමින් සිටියෙමු. පුදුමාකාරය! නමුත් අපි ඔවුන් සොයාගත්තෙමු. පවුල් එකට සම්බන්ධ විය. කතන්දර මතකයේ රැඳින. තාක්ෂණය හා මෙවලම් සඳහා කෘතඥතාවයේ හැඟීම් දැනුණි. එය ප්‍රාතිහාර්යයකට අඩු දෙයක් නොවේ.

ජොනතන් පෙට්ටි, කොලරාඩෝ, ඇඑජ

නව පවුලකින් වටවී

මරියා අවුරුදු 20 කට වැඩි කාලයක් අඩු ක්‍රියාකාරීත්වයක් දැක්වීය. මීට මාස කිහිපයකට පෙර, සංගණන හා වෙනත් වාර්තා මගින් ඇගේ පවුල ගැන සොයමින් අපි ඇය සමග අපගේ නිවසේ පැය කිහිපයක් ගත කළෙමු. එක් අවස්ථාවක ඇය කෑ ගසමින් කඳුළු සලමින් කෑගසා මෙසේ කීවාය, “මගේ මුළු ජීවිත කාලය තුළම මා දැන සිටි දෙයට වඩා පැය දෙකක් තුළ මම මගේ පවුල ගැන වැඩි යමක් දැනගත්තා!”

අපේ එක්ව සිටි කාලය අවසානයේ, පවුල්ගස යෙදුමෙහි මා වටා ඥාතීන් විශේෂාංගය අපි ඇයට හඳුන්වා දුන්නෙමු. මගේ ස්වාමිපුරුෂයා සහ මම දෙදෙනාම මරියාට දුරස්ථව ඥාතීන් වන බව ඔප්පු විය. ඇය තනිව ඇතැයි සිතූ බව පවසමින්, ඇය නැවතත් කඳුළු සලන්නට වූවාය. ඇයට එම ප්‍රදේශයේ පවුලේ අය සිටින බව ඇය කවදාවත් දැනසිටියේ නැත. සති කිහිපයකට පසු මරියා අපේ සභානායකවරයා හමුවිය. ඇය දැන් දේවමාළිගාව සඳහා සූදානම් වෙමින් සිටින අතර, ඇයට අපගේ කොට්ටාශයේ බොහෝ “නව” ඥාති සහෝදර සහෝදරියන්ද හමුවී තිබේ!

කැරොල් රයිනර් එවරට්, උතුරු කැරොලිනාව, ඇඑජ

දේවසේවය සඳහා වට්ටෝරුව

මා දේවසේවය කරන සහෝදරියක් වන ඈෂ්ලිට සහ මට දෙදෙනාටම අපේ මිත්තණියන්ගෙන් ඉවුම් පිහුම් පොත් ලැබී තිබේ. ඇගේ පොත ඇගේ මී-ආච්චිගෙන් ලැබී ඇති අතර, මගේ පොත මගේ අත්තම්මා ග්‍රීන්වුඩ්ගේ වට්ටෝරු පෙට්ටිය ඇයගේ අභාවයෙන් පසු උරුම වූ විට මම සාදාගත් පොතකි.

ඈෂ්ලි සහ මා දෙදෙනාම අපේ ඉවුම් පිහුම් පොත් වලින් වට්ටෝරුවක් තෝරාගත් අතර, එක් රාත්‍රියක වැඩ කිරීමෙන් පසු අපි ඒවා අත්හදා බැලුවෙමු. ඇය අතුරුපස වට්ටෝරුවක් තෝරාගත්තාය, එබැවින් අපි එය මුලින්ම සාදා උඳුන තුළ තැබුවෙමු. මම ග්‍රීන්වුඩ් පවුලේ සෑම සාදයකම ප්‍රධාන ආහාරයක් වන—චිප් ඩිප් තෝරාගත්තෙමි. ඈෂ්ලිගේ දියණිය ඇලිස් අපට ආහාර රස බලා පරීක්ෂා කිරීමට උදව් කළාය. පසුව, ඈෂ්ලිට තම දරුවන් අතුරුපස සියල්ල අනුභව කිරීමට අවශ්‍ය නොවූ නිසා, ඇය දේවසේවය කරන සහෝදරියන් කිහිප දෙනෙකුට ඒවා යැව්වාය.

අපේ වට්ටෝරු රාත්‍රිය පිළිබඳ මම වඩාත්ම ප්‍රිය කළ දෙය නම්, අපි පිසින සහ පුළුස්සන අතරතුර, අපි නිතිපතා දේවසේවයේ යෙදෙන මාතෘකා වන—ඇගේ සහ මගේ අරගල ගැන කථා කළෙමු. නමුතු අපි දෙදෙනාටම මුදු මොළොක් වූ අපේ ආච්චිලා සහ අම්මලා ගැනත් අපි කථා ‍කළෙමු.

ජෙනිෆර් ග්‍රීන්වුඩ්, යූටා, ඇඑජ

උදව් කිරීමට නිශ්චිත ක්‍රම

වෙන කිසිවක් නැති බව පෙනෙන විට පවුල් ඉතිහාසයට දේවසේවයේ අවස්ථා සඳහා දොරටු විවර කළ හැකිය. මෙන්න ඔබට උත්සාහ කළ හැකි අදහස් කිහිපයක්.

  • පවුල් ඉතිහාස කථාවල, විශේෂයෙන් ඡායාරූප වලට ගැළපෙන ඒවා පටිගත කිරීමට සහ උඩුගත කිරීමට ඔවුන්ට උදව් කරන්න.

  • ඔබට තෑග්ගක් ලෙස ලබාදිය හැකි පංකා සටහනක් හෝ වෙනත් මුද්‍රණය කළ හැකි පවුල් ඉතිහාස ලේඛනයක් සාදන්න.

  • ඔවුන් කැමති ආකාරයට දිනපොතක් තබාගැනීමෙන් ඔවුන්ගේ ඉතිහාසය ග්‍රහණය කරගැනීමට ක්‍රම උගන්වන්න. ශ්‍රව්‍ය දිනපොත? ඡායාරූප දිනපොත? වීඩියෝ ලොග? සම්මත දිනපොත් ආකෘති වලට කැමති නැති අය සඳහා බොහෝ විකල්ප තිබේ.

  • මුතුන්මිත්තන් සඳහා වත්පිළිවෙත් කිරීමට එකට එක්ව දේවමාළිගාවට යන්න. එසේනැතිනම් ඔවුන්ට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇත්නම්, ඔවුන්ගේ පවුල් නම් සඳහාවත්පිළිවෙත් කිරීමට ඉදිරිපත් වන්න.

  • පවුල් සම්ප්‍රදායන් බෙදාගැනීමට එකට එකතු වන්න.

  • පවුල් ඉතිහාස පන්තියකට එක්වන්න.