2020
දේවසේවය තුළින් ඊශ්‍රායලය එක්රැස් කිරීම
ජනවාරි 2020


රූපය
ministering

දේවසේවයේ මූලධර්ම, 2020 දෙසැම්බර්

දේවසේවය තුළින් ඊශ්‍රායලය එක්රැස් කිරීම

දේවසේවය යනු ඊශ්‍රායලය එක්රැස් කිරීම සඳහා අනාගතවක්තෘවරයාගේ උපදෙස් පිළිපැදීමට අවස්ථාවකි.

සභාපති රසල් එම්. නෙල්සන් අපට ආරාධනා කර ඇත්තේ “අද මිහිපිට සිදුවන වැදගත්ම දේ” වන ඊශ්‍රායලය එක්රැස් කිරීමට උදව් කරන ලෙසයි. 1

ඊශ්‍රායලය එක්රැස් කිරීමේ මෙම කාර්යයේ කොටස්කරුවෙකු වීමට කැමති අයට, දේවසේවය අපූරු අවස්ථාවක් විය හැකිය. එය මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට පොළඹවන ක්‍රමයකි. අප අඩු ක්‍රියාකාරී සාමාජිකයන්ට දේවසේවය සිදු කළත්, අපගේ ඇදහිල්ලෙන් බැහැර අයට සේවය කරන විට අපට උපකාර කිරීමට ඔවුන්ට ආරාධනා කළත්, දේවසේවය ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට අවස්ථා ලබා දේ.

ආපසු එන සාමාජිකයින් බේරා ගැනීම

“ප්‍රේමය අභිප්‍රේරණයක් ලෙස, ප්‍රාතිහාර්ය සිදු වනු ඇත. අපගේ ‘අතුරුදහන් වූ’සහෝදරියන් සහ සහෝදරයන්ව යේසුස් ක්‍රිස්තුස්ගේ ශුභාරංචියෙහි සියල්ල ඇතුළත් වැලඳ ගැනීමට ගෙන ඒමට අප ක්‍රම සොයා ගනු ඇත.” —ජීන් බී. බිංහැම්2

“මමයි මගේ මහත්තයයි නව නගරයකට පදිංචියට ගිය විට අපි අවම වශයෙන් අවුරුදු හයක්වත් අක්‍රියව සිටියෙමු. මගේ නව සහන සමිතියේ සභාපති මා බැලීමට පැමිණ, ඇයට මා බැලීමට සහෝදරියක් එවිය හැකිදැයි විමසීය. යම් බියක් ඇතිව මම එයට එකඟ වුණෙමි. මෙම සහෝදරිය සෑම මසකම මා බැලීමට පැමිණියාය, ඒ ඇයට සුනඛයන් කෙරෙහි වූ අසාත්මිකතාව පවා නොතකමිනි—එයට හේතුව මට ඉතා හිතවත් සුනඛයකුද සිටීමය! ඇගේ දේවසේවය වසර දෙකක් පුරා පැවතුණ අතර එය මට ඉමහත් බලපෑමක් ඇති කළේය.

“ඇයගේ චාරිකා සාමාන්‍යයෙන් තනිකරම සමාජීය වුවත්, ඉඳහිට ඇය මගෙන් ප්‍රශ්න ඇසූ අතර එය අධ්‍යාත්මික සංවාදවලට අපව යොමු කළා. මේවා මට ටිකක් අපහසුතාවක් ගෙන දුන්නත්, ශුභාරංචියේ ඉදිරියට යා යුතුද නැතිනම් මා සිටින තැන රැඳී සිටිය යුතුද යන්න තීරණය කිරීමට ඒවා මා පෙළඹවීය. මෙම තීරණය මට අරගලයක් වූ නමුත්, ධර්මදූත සහෝදරියන් හමුවීමට මම තීරණය කළෙමි.

“අවුරුදු හයකට පසු පළමු වතාවට මම සක්‍රමේන්තු රැස්වීමකට සහභාගි වීමට ගිය දවසේදී, මම ඇතුළට යාමට බිය වුණෙමි. මම සභාවට යන විට, මගේ දේවසේවයේ සහෝදරිය මා එනතුරු බලා සිටි අතර ඇය මා සමඟ සභාවට ඇතුළු විය. පසුව, ඇය මා නැවත මගේ මෝටර් රථය වෙත ඇරලූ අතර, මා ගැළවුම්කරුවා වෙත ළං වන විට මට කළ හැකි හොඳම දේ කුමක්දැයි මගෙන් විමසුවාය.

“මගේ දේවසේවයේ සහෝදරියගේ කාලය සහ ප්‍රේමය මට නැවත ක්‍රියාකාරකම් කරා යාමට උපකාරී වූ අතර, ඇයගේ උත්සාහය මට මෙතෙක් ලබා දුන් ශ්‍රේෂ්ඨතම ත්‍යාගයන්ගෙන් එකක් ලෙස මම සලකමි. ගැළවුම්කරුවාණන්ගේ සභාව වෙත ආපසු යන ගමනේදී ඇය මගේ පසෙකින් සිටීම ගැන මම කෘතඥ වෙමි.”

නම සඳහන් කර නැත, බ්‍රිතාන්‍ය කොළොම්බියාව, කැනඩාව

සලකා බැලිය යුතු මූලධර්ම

“සෑම මසකම මා බැලීමට පැමිණියාය”

වෙනත් දේවල්වලට වඩා ඔබ සේවය කරන අය ගැන ඔබ සැලකිලිමත් බව පෙන්වන්නේ කෙසේද? (දහම සහ ගිවිසුම් 121:44 බලන්න).

“ප්‍රශ්න”

නිවැරදි ප්‍රශ්න ඇසීම ස්වයං ඇගයීමක් සිදු කිරීමට උපකාරී වේ. අපගේ දේවසේවයට සමාජීය වීමට වඩා වැඩි අරමුණක් ඇති බව මතක තබාගන්න.3

“මා සඳහා රැඳී සිටියා”

සෑම කෙනෙකුටම පිළිගැනීමක් දැනිය යුතුය (3 නෙපි 18:32 බලන්න).

“මා ආපසු එන ගමනේදී මගේ පසෙකින් සිටියාය”

ගැලවුම්කරුවාණන් වෙත නැවත පැමිණ සුවය ලැබීමට පැකිලී සිටින අයට අපගේ සහයෝගය සැලකිය යුතු වෙනසක් කළ හැකිය. (හේබ්‍රව් 12:12–13 බලන්න).

දේවසේවය හා එක්රැස් කිරීම

“ඔබට හැඟෙන ලෙස කොයියම් හෝ සාමාන්‍ය සහ ස්වභාවික ආකාරයකින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව ඔබට වැදගත් ඇයිදැයි මිනිසුන් සමග බෙදා ගන්න. …

“… ඔබගේ භූමිකාව වන්නේ ඔබගේ හදවතේ ඇති දේ බෙදාගැනීම සහ ඔබගේ විශ්වාසයන් සමග නොනවත්වා ජීවත් වීමයි.” —වැඩිහිටි ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ්4

ශුභාරංචිය පිළිබඳ දේවසේවයේ සිදු කිරීම හා බෙදා ගැනීම අත්වැල් බැඳ ගෙන කටයුතු කරයි. අපි දේවසේවයේ යෙදෙන අතරතුර අපගේ මිතුරන් හා අසල්වැසියන් එක්රැස් කර ගත හැකි ක්‍රම කිහිපයක් මෙන්න—නැතහොත් අපගේ මිතුරන් හා අසල්වාසීන් එක්රැස් කරන අතරතුර දේවසේවයේ යෙදෙන්නෙමු:

  • එක්ව සේවය කරන්න. යමෙකුගේ දේවසේවයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබ හා එක්වීමට මිතුරන්ට හෝ අසල්වැසියන්ට ආරාධනා කිරීමට අවස්ථා සොයන්න. නව මවකට ආහාර වේලක් පිළියෙළ කිරීමට, වැඩිහිටි අසල්වැසියෙකු බැලීමට හෝ අසනීපව සිටින කෙනෙකුගේ නිවස පිරිසිඳු කිරීමට ඔබට උදව් කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.

  • එක්ව උගන්වන්න. සභාවට නොපැමිණෙන මිතුරෙකුට හෝ අසල්වැසියෙකුට ධර්මදූතයින් හමු වන යම් අයකු සඳහා තම නිවසේ ධර්මදූත පාඩමක් පැවැත්වීමේ උදව් කරන්නෙකු ලෙස කටයුතු කිරීමට ආරාධනා කිරීම සලකා බලන්න. නැතහොත් ඔබේ නිවසේ පාඩමක් පැවැත්වීමට සත්කාරකත්වය දැක්වීමට හෝ වෙනත් කෙනෙකුගේ නිවසේ පාඩමකට ඔබ සමග යාමට ඔබේ මිතුරාට සහාය විය හැකිය.

  • අවශ්‍යතාවක් දුටු විට අන් අය වෙත ළඟා වන්න. සභාවට ප්‍රවාහන පහසුකම් සැලසීමට ඉදිරිපත් වන්න. යෞවන හෝ ප්‍රාථමික කටයුතුවලට දරුවන්ට ආරාධනා කරන්න. ඔබට සේවය කිරීමට හා එක්රැස් කිරීමට හැකි වෙනත් ක්‍රම මොනවාද?

  • සභාව විසින් සපයා ඇති සම්පත් භාවිතා කරන්න. සභාව සාමාජිකයන්ට ශුභාරංචිය බෙදාගැනීමට උපකාර කිරීම සඳහා බොහෝ සම්පත් ලබා දෙයි. ඔබට ශුභාරංචි පුස්තකාල යෙදුමේ “ධර්මදූත” කොටස හරහා බ්‍රවුස් කිරීමෙන් සහ ComeUntoChrist.org වෙත පිවිසීමෙන් අපගේ ප්‍රජාව තුළ ඊශ්‍රායලය එක්රැස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් ලබා ගත හැකිය.

සටහන්:

  1. රසල් එම්. නෙල්සන්, “Hope of Israel” (ලොවවටා තරුණ බැතිමතුන්, 2018, ජූනි 3), HopeOfIsrael.ChurchofJesusChrist.org.

  2. ජීන් බී. බිංහැම්, “ස්වාමින්වහන්සේ ලෙස දේවසේවය කිරීම,” ලියහෝනා, 2018 මැයි, 106.

  3. “දේවසේවයේ මූලධර්ම: අපගේ දේවසේවය වෙනස්කරවන අරමුණ,” බලන්න,” 2019 ජන.

  4. ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ්, “ධර්මදූත සේවය: ඔබේ හදවතේ ඇති දේ බෙදා ගැනීම,” ලියහෝනා, 2019 මැයි, 17.