2019
නත්තල් කතා තුලින් දේවසේවය පිලිබද අපට උගන්වන්නේ කුමක් ද
2019 දෙසැම්බර්


දේවසේවා මූලධර්ම, 2019 දෙසැම්බර්

නත්තල් කතාව අපට දේවසේවය පිළිබඳ උගන්වන දේ

“මෙය වසරේ ආදරණීයම සමයයි. රිද්මයක් ගායනා කරන්න; Christmastime soon will be here. Tell the true story of Jesus’ birth, when, as a baby, he came to the earth” (“The Nativity Song,” Children’s Songbook, 52).

රූපය
ministering

Detail from Behold the Lamb of God, by Walter Rane

නත්තල් කාලය යනු බැටළුවන්, එඬේරුන්, ගවයින් සහ තාරකාවන්ට හදිසියේම නව අරුතක් ලබාගන්නා අපූරු කාලයකි. මිනිස් ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් වන: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත නැවත කීමේදී ඔවුන් වැදගත් අයවළුන් බවට පත්වේ. බොහෝ පවුල් තම නිවෙස්වල උත්පත්ති දර්ශනයක් ප්‍රදර්ශනය කරයි. තවත් සමහරු උන්වහන්සේගේ උපත පිළිබඳ කථාව කියවීමට හෝ තරඟයකට සහභාගී වීමට කාරණයක් ඉදිරිපත් කරති. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු කථා මෙන්ම, ලෝකය ආලෝකමත් කිරීම සඳහා උන්වහන්සේගේ ආලෝකය බෙදාගැනීම ගැන, උන්වහන්සේගේ උපත පිළිබඳ කථාවද අපට දේවසේවය කිරීම ගැන ඉගෙනගත හැකි පාඩම් වලින් පිරී ඇත. “නත්තල් කතාව ආදරය පිළිබඳ කතාවක්” යැයි පළමු සභාපතිත්වයේ දෙවන උපදේශක සභාපති හෙන්රි බී. අයිරින්ග් පැවසීය.

“… ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ කථා වලදී, උන්වහන්සේ කවුරු වී සිටියාද සහ උන්වහන්සේ කවුද යන්න අපට දැකීමට සහ දැනීමට හැකිය. එමඟින් මෙම මාර්ගය තුල අපගේ බර සැහැල්ලු කරයි. එමෙන්ම එය අපව අමතක කර අන් අය සඳහා බර සැහැල්ලු කිරීමට අපව පොළඹවනු ඇත.”1

“තානායම තුළ ඔවුන්ට ඉඩක් නොතිබුණි” (ලූක් 2:7)

ගැලවුම්කරුවාණන්ට ඉඩක් ලබාදීමට තානායම්කරු අසමත් විය, නමුත් අප එම වැරැද්ද කළ යුතු නැත! අපගේ සහෝදර සහෝදරියන් සඳහා අපගේ මේසවල, අපගේ නිවෙස්වල සහ අපගේ සම්ප්‍රදායන් තුළ ඉඩක් ලබා දීමෙන් ගැලවුම්කරුවාණන්ට අපගේ හදවත් තුළ ඉඩක් සකස්කළ හැකිය. වෙනත් පුද්ගලයින් ඇතුළත් කරගැනීමෙන් බොහෝ පවුල් සම්ප්‍රදායන් වඩා මිහිරි හා ඊටත් වඩා මතක තබාගත හැකි ඒවා බවට පත්වනු ඇත. ඩයනා සහ ඇගේ පවුලේ අයට නත්තල් කාලය ඔවුන් සමග ගතකිරීමට යමෙකුට ආරාධනා කිරීමේ සම්ප්‍රදායක් ඇත. සෑම දෙසැම්බරයකම, ඔවුන් ආරාධනා කිරීමට කැමති කාටද යන්න සාකච්ඡා කර තීරණය කරයි.2 සමහරවිට ඔබේ පවුලට ඒ හා සමාන සම්ප්‍රදායක් ආරම්භ කළ හැකිය. සමහරවිට ඔබ දේවසේවය කරන කෙනෙකු කැමති නත්තල් ගීත එකට ගායනා කිරීමට ඔබේ පවුලේ අය සමඟ එකතු වීමට කැමති වනු ඇත. ඔබේ නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයට එම ප්‍රදේශයේ පවුලක් නොමැති අයෙකුට ඉඩක් ලබාදිය හැකිය.

ඇතුළත් කරගැනීමේ උන්වහන්සේගේ උදාහරණය අනුගමනය කිරීමට වඩා ගැලවුම්කරුවාණන් සැමරීමට ඊටත් වඩා හොඳ ක්‍රමයක් තිබේද? මතක තබාගන්න “තවද උන්වහන්සේ සියලු දෙනාටම උන්වහන්සේගේ යහපත්කමෙහි සහභාගීවීමට උන්වහන්සේ වෙත කැඳවන සේක, තවද උන්වහන්සේ වෙතට එන කිසිවෙක් උන්වහන්සේ එපා නොකරන සේක. කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමියෙකු හෝ ගැහැණියෙකු, තවද උන්වහන්සේ මිත්‍යාදෘෂ්ඨිකයා මතක් කරන සේක; තවද සියල්ලෝම යුදෙව්වා සහ අන්‍යජාතිකයන් දෙවර්ගයම දෙවියන්වහන්සේට සමානය” (2 නෙපි 26:33). ඉඩක් සාදා ඇතුළත් කිරීමක් නිර්මාණය කරන්න.

තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය” (ලූක් 2:8)

ළදරු ගැලවුම්කරුවාණන්ට ආචාර කළ පළමු අය අතර එඬේරුන් සිටීම සුදුසු බව පෙනේ. පුරාණ අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හැඳින්වූයේ “ඊශ්‍රායෙලයේ එඬේරා” (ගීතාවලිය 80:1) සහ “මුළු පොළව මත එඬේරා” (1 නෙපි 13:41)ලෙසය. “මම යහපත් බැටළු එඬේරාය, එමෙන්ම මම මාගේ බැටළුවන් අඳුනමි” ලෙස ක්‍රිස්තුස්වහන්සේම විසින් කී සේක (යොහාන් 10:14). අපගේ බැටළුවන් දැනගැනීම සහ සෝදිසියෙන් සිටීම ගැලවුම්කරුවාණන් මෙන් එඬේරෙකු ලෙස වැඩ කිරීමේ හා දේවසේවය කිරීමේ ප්‍රධාන අංගයකි.

දීප්තිමත් විදුලි පහන් සහ විසිතුරු සැරසිලි සමඟ නත්තල් සමයේදී බැලීමට බොහෝ දේ ඇත. නමුත් අප දේවසේවය කරන අය වෙත අපගේ අවධානය යොමු කර අපගේ රැළ රැකබලා ගැනීමට මතකතබා ගන්නා විට මෙම සමයේ විශාලතම සුන්දරත්වය සොයාගත හැකි වනු ඇත. සෝදිසියෙන් සිටීම යනු කෙනෙකුගේ ප්‍රියතම සංග්‍රහය ගැන දැනුවත්වීම හෝ කෙනෙකුගේ නිවාඩු සැලසුම් ගැන විමසීම විය හැකිය. පැහැදිලිව පෙනෙන සහ එතරම් පැහැදිලිව නොපෙනෙන යන දෙවිදියේම - අන් අයගේ අවශ්‍යතා දකින විට සහ සපුරාලන විට අපි සෝදිසියෙන් සිටින්නෙමු.

චෙරිල්ට හදිසියේම ඇගේ ස්වාමිපුරුෂයා වූ මික් අහිමි වූ විට ඇය මහත් සේ අසරණ විය. ඔහු නොමැතිව ඇයගේ පළමු නත්තල් කාලය ළං වෙත්ම, තනිකම වැඩි විය. ස්තූතිවන්ත වන්නට, ඇගේ දේවසේවයේ සහෝදරිය වන ෂෝනා එහි සිටියාය. ෂෝනා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ජිම්, නිවාඩු දින ගණනාවකට චෙරිල්ට ආරාධනා කළහ. ඔවුන් චෙරිල්ගේ ගෙවී ගිය කබාය දුටු අතර ඒ ගැන යමක් කිරීමට තීරණය කළහ. නත්තලට දින කිහිපයකට පෙර, ෂෝනා සහ ජිම් චෙරිල්ට නත්තල් තෑග්ගක් ගෙන ආවෝය: එය ලස්සන අලුත් කබායකි. උණුසුම් කබායක් සඳහා චෙරිල්ගේ භෞතික අවශ්‍යතා ගැන පමණක් නොව, සුවපහසුව සහ ඇසුර සඳහා ඇයගේ චිත්තවේගීය අවශ්‍යතාද ඔවුන් දැන සිටියහ. ඔවුන් තමන්ට හැකි උපරිමයෙන් එම අවශ්‍යතා සපුරාලීමට පියවර ගත් අතර අපටත් අපගේ රැළ රැකබලා ගත හැකි ආකාරය පිළිබඳ අලංකාර ආදර්ශයක් සපයයි.3

“අපි දැන්ම බෙත්ලෙහෙමට යමු ලෙස, එඬේරු ඔවුනොවුන් කථාකොට ගත්හ” (ලූක් 2:15)

“දැන් අපි යමු” යනු උත්කර්ෂවත් ආරාධනයකි! තම මිතුරන් ගමනේදී බොහෝ වෙහෙසට පත්වනු ඇතැයි එඬේරුන් නොසිතූහ. ඔවුන් බෙත්ලෙහෙමට නිහඬව තනිවම ගියේ නැත. ඔවුන් ප්‍රීතියෙන් එකිනෙකා දෙසට හැරී, “දැන් අපි යමු!” ලෙස කීහ.

ළදරු ගැළවුම්කරුවාණන් බැලීමට පැමිණෙන ලෙස අපගේ මිතුරන්ට ආරාධනා කිරීමට අපට නොහැකි විය හැකි නමුත්, අප සමඟ සේවය කිරීමෙන් නත්තල් සමය (හෝ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය) දැනෙන ලෙස අපට ඔවුන්ට ආරාධනා කළ හැකිය. “නත්තල් ආත්මය වැඩි කරගත හැකි ක්‍රමය නම් අප අවට සිටින අය වෙත නොමසුරුව සම්බන්ධ වී අපව ලබාදීමයි” යනුවෙන් හිටපු තරුණ කාන්තා සභාපතිනිය බොනී එල්. ඔස්කාර්සන් පැවසීය.4 ඔබ ඉටිපන්දමක් දරා සිටිනවා යැයි සිතන්න. අනෙක් අයට නිසැකවම ඔබේ ඉටිපන්දමෙන් ලැබෙන ආලෝකය දැක බලා ප්‍රයෝජන ගත හැකිය, නමුත් ඔබ ඔබේ ඉටිපන්දම ඔවුන්ගේ ඉටිපන්දම දැල්වීමට භාවිතා කර ඔවුන්ට ආලෝකය රඳවා තබාගැනීමට ඉඩදෙන්නේ නම් ඔවුන්ට දැනෙන උණුසුම ගැන සිතාබලන්න.

උන්වහන්සේව අනුගමනය කරන්නන්ට ජීවිතයේ ආලෝකය ලැබෙන බව ක්‍රිස්තුස්වහන්සේම ඉගැන්වූ සේක (යොහාන් 8:12 බලන්න). උන්වහන්සේ මෙන් සේවය කිරීම අපට උන්වහන්සේව අනුගමනය කර පොරොන්දු වූ ආලෝකය භුක්තිවිඳිය හැකි එක් ක්‍රමයකි. එබැවින් ඔබ සමඟ සේවය කිරීමට අන් අයට ආරාධනා කිරීමෙන් එම ආලෝකය බෙදාගන්න! ඔබට සහ ඔබ දේවසේවය කරන අයට එකට සේවය කළ හැක්කේ කෙසේද? ඔබට එකට ඔබේ ප්‍රියතම ආහාර පිළියෙළ කිරීමට හෝ කුඩා තෑග්ගක් හෝ සටහනක් සමග යමෙකුව පුදුමයට පත්කළ හැකිය. ක්‍රිස්තුස්වහන්සේගේ සේවය පිළිබඳ ආදර්ශය අනුගමනය කිරීමෙන් ලැබෙන ආලෝකය ඔබ දෙදෙනාට එකට විඳිය හැකිය.

“ඔව්හු ඒ දැක, මේ ළදරුවා ගැන තමුන්ට කී දේ දැන්වුවෝය” (ලූක් 2:17)

ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ පුදුමාකාර ප්‍රවෘත්තිය ඔවුන් හැකි තරම් මිනිසුන් සමඟ බෙදාගත් ආකාරයෙන් එඬේරුන්ගේ ප්‍රීති ප්‍රමෝදය ගැන සිතීම පහසුය. දේවදූතයන් විසින් ප්‍රකාශ කරන ලද, අනාවැකියෙන් කියූ මෙසියස් පැමිණි සේක! උන්වහන්සේ මෙහි සිටියේය! ඇත්තවශයෙන්ම, ගැළවුම්කරුවාණන්ගේ සුභ පණිවිඩය බෙදාගැනීම උපතේ කතාවේ විශාල තේමාවයි. දේවදූතයින් ගායනා කළහ. තාරකාව මාර්ගය පෙන්වා දුන්නේය. එඬේරුන් එය විදේශයන්හි ප්‍රසිද්ධ කළහ.

සුභ පණිවිඩය බෙදාගැනීමෙන් සහ ගැලවුම්කරුවාණන්ගේ ගැන සාක්ෂි දැරීමෙන් අපට නත්තල් කතාවට අපගේ හඬවල් එකතු කළ හැකිය. “ඔබගේ දේවසේවා ප්‍රයත්නයන්හිදී ගැලවුම්කරුවාණන් නියෝජනය කිරීමේ වරප්‍රසාදය ඔබට ඇති බැවින්,‘මෙම පුද්ගලයා හෝ පවුල සමඟ සුභාරංචියේ ආලෝකය බෙදාගන්නේ කෙසේද?’කියා ඔබෙන්ම අසාගන්නා” ලෙස සහන සමිතියේ සභාපති ජීන් බී. බිංහැම් සහෝදරිය ඉගැන්වූවාය. “ආත්මයාණන්වහන්සේ මට කිරීමට පොළඹවන්නේ කුමක්ද?”5

ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය පිළිබඳ ඔබේ සාක්ෂිය බෙදාගත හැක්කේ කෙසේදැයි දැනගැනීමට ඔබ උත්සාහ කරන විට සලකා බැලිය යුතු යෝජනා කිහිපයක් මෙන්න:

  • ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ හැඟීම් ග්‍රහණය කරගන්නා හෝ ඔබ උන්වහන්සේට කෘතඥ වන්නේ මන්දැයි ප්‍රකාශ කරන ශුද්ධලියවිලි පදයක් සොයාගන්න. ඔබ සේවය කරන අය සමඟ එය බෙදාගන්න.

  • නත්තල් වීඩියෝවක් සමඟ කෙටි පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය පණිවිඩයක් යවන්න. ChurchofJesusChrist.org හි අපූරු සහගත ඒවා කිහිපයක් තිබේ!

  • ඔබට ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් වන විශේෂ මතකයක් හෝ සම්ප්‍රදායක් ගැන මිතුරෙකුට කියන්න.

ළදරු යේසුස්වහන්සේ ගැළවුම්කාරයාණන් බව සිමියොන් සහ ඇනාට සාක්ෂි දුන් ආකාරයටම, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබගේ සාක්ෂියේ සත්‍යතාව ගැන සාක්ෂි දරනු ඇතැයි විශ්වාස කරන්න (ලූක් 2:26, 38 බලන්න).

“[යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] ලෝකයට පැමිණීම සඳහා සැබවින්ම ගෞරව කිරීමට නම්, අප උන්වහන්සේ කළ ආකාරයටම කළ යුතු අතර අපගේ සෙසු අයට අනුකම්පාවෙන් හා දයාවෙන් යුතුව ළඟා විය යුතුය” යැයි ප්‍රේරිතයින් දොළොස්දෙනාගේ ඝණපූර්ණයෙහි වැඩිහිටි ඩීටර් එෆ්. උච්ට්ඩෝෆ් පැවසීය. වචනයෙන් සහ ක්‍රියාවෙන් අපට මෙය දිනපතා කළ හැකිය. තවත් ටිකක් කාරුණික වන්නට, සමාව දෙන්නට, අඩුවෙන් විනිශ්චය කරන්නට, වඩා කෘතඥශීලී වන්නට, අපට ඇථි දේ අවශ්‍යතා බහුල අය සමඟ බෙදාගැනීමේදී ත්‍යාගශීලී වන්නට” - අප කොතැනක සිටියත් මේවා අපගේ නත්තල් සම්ප්‍රදායන් බවට පත්වේවා.6

සටහන්:

  1. Henry B. Eyring, “Christmas Stories” (First Presidency Christmas devotional, Dec. 6, 2009), broadcasts.ChurchofJesusChrist.org.

  2. See Daiana Melina Albornoz Díaz, “Sharing Christmas,” Liahona, Dec. 2007, 17.

  3. See Cheryl Boyle, “He Would Have Bought It for You,” Ensign, Dec. 2001, 57.

  4. Bonnie L. Oscarson, “Christmas Is Christlike Love” (First Presidency Christmas devotional, Dec. 7, 2014), broadcasts.ChurchofJesusChrist.org.

  5. ජීන් බී. බිංහැම්, “ස්වාමින්වහන්සේ ලෙස දේවසේවය කිරීම,” ලියහෝනා, මැයි 2018, 104.

  6. Dieter F. Uchtdorf, “Scatter Your Crumbs” (First Presidency Christmas devotional, Dec. 3, 2017), broadcasts.ChurchofJesusChrist.org.