2019
කෙනෙකුට වෙනස්වීමට මට උදව් කළ හැකිද?
2019 අගෝස්තු


රූපය
ministering

දේවසේවා මූලධර්ම, 2019 ජුනි

කෙනෙකුට වෙනස්වීමට මට උදව් කළ හැකිද?

ඔව්. නමුත් ඔබගේ භූමිකාව ඔබේ සිතුවිල්ලට වඩා වෙනස්විය හැකියි.

අපව මවා ඇත්තේ වෙනස්වීමේ හැකියාවත් සමගයි. අපගේ මේ මැරෙන සුළු ජීවන අත්දැකීමේ අරමුණ අපගේ දිව්‍යමය ස්වභාවය කරා වර්ධනය වීමයි. අපගේ දේවසේවාවේ අවසාන අරමුණු වලින් එකක් නම් අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණීමට සහ උන්වහන්සේගේ අභිමුඛයට යාමට අවශ්‍ය වෙනස්කම් කිරීම සඳහා උදව් කිරීමයි. නමුත් ඔවුන්ට තෝරාගැනීමට ඇති නිදහස නිසා, ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට අපට උදව් කළ හැකි අපේ භූමිකාව සීමිතයි.

වෙනස්වී තව තවත් උන්වහන්සේ මෙන් වීමට ඔවුන්ගේ ප්‍රයත්නයන්ට උදව් කළ හැකි ගැලවුම්කරුවාණන් විසින්ම ලබාදුන් බලසම්පන්න පාඩම් හතක් මෙන්න.

  1. වෙනස්වීමට ආරාධනා කිරීමට බිය නොවන්න.

    පැරණි ක්‍රම අතහැර දමා උන්වහන්සේගේ ඉගැන්වීම් වැළඳගැනීමට අන් අයට ආරාධනා කරන්නට ගැලවුම්කරුවාණන් බිය වුණේ නෑ. පේදුරු සහ යාකොබ්ට තම රැකියා අත්හැරදමා “මිනිසුන් අල්ලන්නන් බවට පත්වීමට” උන්වහන්සේ ආරාධනා කළ සේක (මාක් 1:17). කාමමිත්‍යාචාරයේ හැසිරෙමින් සිටියදී අල්ලාගත් කාන්තාවට “යන්න, තවද තවත් පව් නොකරන්න” කියා උන්වහන්සේ ආරාධනා කළ සේක (යොහාන් 8:11). පොහොසත් තරුණ පිරිමි ළමයාට ඔහුගේ සියළුම සම්බන්ධතා අත්හැරදමා උන්වහන්සේව අනුගමනය කිරීමට උන්වහන්සේ ආරාධනා කළ සේක (බලන්න මාක් 10:17-22). වෙනස්කම් සිදුකරමින් ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට අපි අන් අයට ආරාධනා කරන විට අපටත් උසස් සහ ප්‍රේමනීය වන්නට පුළුවන්.

  2. වෙනස්වීම ඔවුන්ගේ තෝරාගැනීමක් බව මතකතබාගන්න.

    ගැලවුම්කරුවාණන් ආරාධනා කළ ආකාරයේ වෙනස්වීමක් සඳහා බල කළ නොහැකිය. ගැලවුම්කරුවාණන් උගන්වා ආරාධනා කළ නමුත්, බලපෑම් කළේ නැත. පොහොසත් තරුණ පිරිමි ළමයා “දුකින් ඉවතට ගියේය” (මතෙව් 19:22). කපර්නම් හිදී, උන්වහන්සේගේ බොහෝ අනුගාමිකයන් “ආපසු යන්නට” තෝරාගත්හ, එවිට උන්වහන්සේ ඔවුනුත් ඉවතට යන්නේ දැයි දොළොස්දෙනාගෙන් ඇසූ සේක (බලන්න යොහාන් 6:66-67). යොහාන් බෞතීස්තගේ සමහරක් අනුගාමිකයන් ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට තෝරාගත් අතර, අනෙක් අය එසේ කළේ නැත (බලන්න යොහාන් 1:35-37; 10:40-42). තව තවත් උන්වහන්සේ මෙන් වීමට අපිට අන් අයට ආරාධනා කළ හැකිය, නමුත් ඔවුන් වෙනුවෙන් වෙනස්වීමේ තීරණය අපිට ගත නොහැකිය. වෙනස්වීමට ඔවුන් තවමත් තීරණය කර නොමැතිනම්, අප එය අතහැරදැමිය යුතු නැත - එමෙන්ම අප අසමත් යැයි සිතිය යුතු නැත.

  3. අන් අයගේ වෙනස්වීමට වූ හැකියාව සඳහා යාච්ඤා කරන්න.

    උන්වහන්සේගේ මැදිහත්කාරකමේ යාච්ඤාව අතරතුරදී, උන්වහන්සේගේ අපෝස්තුළුවරුන් නපුරෙන් ආරක්ෂාවී, වඩ වඩාත් උන්වහන්සේ සහ පියාණන්වහන්සේ මෙන් වී, දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී යන පිණිස යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගෙන් ඉල්ලූ සේක (බලන්න යොහාන් 17:11, 21–23, 26). පේදුරුට ඔහුගේ භූමිකාව සඳහා වර්ධනය වීමේ ඔහුගේ උත්සහය සඳහා ශක්තිය අවශ්‍ය වන බව දැන ඔහු වෙනුවෙන් ගැලවුම්කරුවාණන් යාච්ඤා කළ සේක (බලන්න ලූක් 22:32). අන් අය වෙනුවෙන් අප කරන යාච්ඤාවන්ට වෙනසක් කළ හැකිය (බලන්න යාකොබ් 5:16).

  4. උන්වහන්සේගේ බලය මත යැපෙන ලෙස ඔවුන්ට උගන්වන්න

    අපට සත්‍ය ලෙසම වෙනස්වීමට සහ අපගේ දිව්‍යමය හැකියාව කෙරෙහි වර්ධනය වීමට අප සැමට හැකිවන්නේ ගැලවුම්කරුවාණන් තුලින් පමණි. මාර්ගයද, සත්‍යද, ජීවනයද උන්වහන්සේය: [උන්වහන්සේ] තුලින් හැර කිසිවෙක් පියාණන්වහන්සේ තුලට පැමිණෙන්නේ නැත” (යොහාන් 14:6). “දුර්වල දේවල් ශක්තිමත් බවට පත්කිරීමට හැක්කේ” උන්වහන්සේගේ බලයටය (ඊතර් 12:27). තරුණ ඇල්මාට වෙනස්වීමට පුළුවන්කම ලබාදුන්නේ උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය කෙරෙහි තිබූ විශ්වාසයයි (බලන්න ඇල්මා 36:16-23). ගැලවුම්කරුවාණන් මත යැපීමට අපට අන් අයට ඉගැන්වීමට පුළුවන් එවිට ඔවුන්ගේ ජීවිත වලද උන්වහන්සේගේ පිරිසිඳු කිරීමේ බලය තබාගන්නට ඔවුන්ට පුළුවන්කම ලැබෙයි.

  5. ඔවුන්ට වෙනස්වන්නට හැකි අය ලෙස සලකන්න

    ප්‍රේමය සහ පිළිගැනීම වෙනස්වීමේ බලවත් නියෝජිතයින් වියහැකියි. ළිඳ අසල සිටි කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයා නොවන පිරිමියෙකු සමග ජීවත් වෙමින් සිටියාය. “උන්වහන්සේ එම ගැහැණිය සමග කථා කළ නිසා පුදුමයෙන්” යේසුස්වහන්සේගේ ගෝලයන් සිටියෝය (යොහාන් 4:27), නමුත් යේසුස්වහන්සේ වඩ වඩාත් සැලකුවේ ඇයට පත්වියහැකි පුද්ගලයා පිළිබඳවයි. උන්වහන්සේ ඇයට උගන්වා වෙනස්වීමට ඇයට අවස්ථාවක් ලබාදුන් සේක, ඇය එසේ වූවාය. (බලන්න යොහාන් 4:4-42).

    අන් අයට පත්විය හැකි කෙනාට වඩා ඔවුන් පත්වී සිටින අය ලෙසට අපි ඔවුන්ට සැලකීමේදී, අපි ඔවුන්ව පසුපසට කර තබාගනී. ඒ වෙනුවට, අතීත අතපසුවීම් වලට සමාවදී අමතක කරන්නට අපට පුළුවන්. අන් අයට වෙනස්විය හැකිබව විශ්වාස කිරීමට අපට පුළුවන්. ඔවුන්ගේ දුර්වලතා වලට උඩින් බලා ඔවුන්ටවත් ඔවුන් තුල දැකිය නොහැකි ධනාත්මක ගතිලක්ෂණ පෙන්වන්නට අපට පුළුවන්. “එක් එක් පුද්ගලයන් සිටින ලෙසට වඩා ඔවුන්ට පත්වියහැකි අය ලෙස ඔවුන්ව දැකීමට අපට වගකීමක් ඇත.”1

  6. ඔවුන්ට ඔවුන්ගේ වේගයෙන් ගමන්කිරීමට ඉඩදෙමු

    වෙනස්වීමට කාලය ගතවෙයි. “[අපි] සර්වසම්පූර්ණ වනතුරුම ඉවසීමෙන් බලාසිටීම” අප කළ යුතුමයි (දහම සහ ගිවිසුම 67:13). යේසුස්වහන්සේට අන් අය හා සමග ඉවසීම තිබූ අතර උන්වහන්සේට විරුද්ධ වූ අයට පවා උන්වහන්සේගේ පියාණන්ගෙන් ලැබුණු භූමිකාව පිළිබඳ සාක්ෂි දරමින් සහ ඔවුන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් උන්වහන්සේගේ ඉගැන්වීම් නොනවත්වා කළ සේක (බලන්න මතෙව් 12:1-13; යොහාන් 7:28-29). අපට අන් අය සමග ඉවසිලිවන්ත වියහැකි අතර ඔවුන්ටත් ඔවුන් සමග එසේ වීමට දිරිමත් කළ හැකිය.

  7. ඔවුන්ගේ පරණ ක්‍රමයටම නැවත හැරුණත් අතහැර දමන්නට එපා

    ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් පසු, පේදුරුත් ඇතුළු තවත් අපෝස්තුළුවරුන් කීපදෙනෙක් ඔවුන්ට හුරුපුරුදු දේ කරා ආපසු ගියෝය (බලන්න යොහාන් 21:3). ක්‍රිස්තුස්වහන්සේ පේදුරුට “ඔහුගේ බැටළුවන් පෝෂණය කළයුතු” බව මතක් කළ සේක (බලන්න යොහාන් 21:15-17), ඉන්පසු පේදුරු දේවසේවයට හැරී ආවේය. පසුගිය ආකාර වලට හැරීයාම වඩාත් ලේසි විය හැකිය. ගැලවුම්කරුවාණන්ව නොනවත්වා අනුගමනය කිරීමට සහ වඩ වඩාත් උන්වහන්සේ මෙන් වීමට උත්සහ කිරීමට සියුම් දිරිගැන්වීමකින් සහ පොළඹවන සුළු ආරාධනාවක් මගින් ඔවුන්ට සහයවීම කරගෙන යා හැකිය.

අන් අයට වර්ධනය වීමට ඉඩහරින්න

අනෙක් අයට වර්ධනය වීමට ඉඩහැරීම ගැන කථාවක් ප්‍රේරිතයින් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් කීවේය: “අවුරුදු ගණනාවක්ම ඔහුගේ පාසලේ සියළුම විහිළු වලට අඩු වැඩියෙන් ප්‍රධාන පීඩාවට පත්වූ තරුණ පිරිමි ළමයෙකු ගැන මට දිනක් අසන්නට ලැබුණා. ඔහුට යම් අවාසි තිබුණා, ඒ නිසා ඔහුගේ සමහරුන්ට ඔහුව සමච්චල් කිරීමට පහසු වුණා. ඔහුගේ ජීවිතයේ පසු කාලයේදී ඔහු වෙනත් පෙදෙසකට මාරු වුණා. අවසානයේ ඔහු හමුදාවට සම්බන්ධවී යම් සාර්ථක අත්දැකීම් එහිදී ලබා අධ්‍යාපනය ලබා සාමාන්‍ය ලෙස ඔහුගේ අතීතයෙන් ඉවතට ඇදුණා. ඒ හැමදේටමත් වැඩියෙන්, හමුදාවේ සිටින බොහෝ අය මෙන්, ඔහු සභාවේ සුන්දරත්වය සහ මහිමය සොයාගෙන එහි ක්‍රියාකාරීවී සතුටින් සිටියා.

“ඉන්පසු, වසර ගණනාවකට පසු, ඔහුගේ තාරුණ්‍යයේ නගරයට ඔහු නැවත පැමිණියා. ඔහුගේ පරම්පරාවේ බොහෝදෙනා ඉදිරියට ගොස් සිටි නමුත් හැමකෙනෙක්ම එසේ නොවුණා. පැහැදිලිවම, ඔහු සාර්ථකව සහ යම්තාක් දුරකට නැවත ඉපදීමෙන් පසු නැවත පැමිණි විට, කලින් තිබූ පරණ මතය සහිත අය තවමත් ඔහුගේ නැවත පැමිණීම බලාගෙන සිටියා. ඔහුගේ මව් නගරයේ මිනිසුන්ට, ඔහුව තවමත් පැරණි ‘කෙනා’ වුණා. …

අතීතය අතහැර දෙවියන්වහන්සේ ඔහු ඉදිරියේ දිගහැරි ත්‍යාගය ලබාගැනීමේ වූ ඔහුට පෝල්ට මෙන් තිබූ උවමනාව ටිකින් ටික මෙම මිනිසාගෙන් නිවී ගොස් ඔහු ඔහුගේ තාරුණ්‍යය ගත කළ ආකාරය ගැන ඔහු පසුතැවුණා. … ගොඩක් නරකයි, ගොඩක් දුකයි ඔහුගේ අතීතය ඔහුගේ අනාගතයට වඩා රසවත් යැයි සිතූ අය … වටා ඔහු නැවතත් සිටියා. ක්‍රිස්තුස්වහන්සේ ඔහුව ග්‍රහණය කළ ඔහුගේ ග්‍රහණය කඩාදැමීමට ඔවුන් සමත් වුණා. ඔහුගේ පැත්තෙන් වූ අඩුපාඩුව ඉතා කුඩා වුවත්, ඔහු දුකින් මිය ගියා. …

පුද්ගලයින්ට පසුතැවෙන්නට ඉඩදෙන්න. පුද්ගලයින්ට ගොඩනැගෙන්නට ඉඩදෙන්න. පුද්ගලයින්ට වෙනස්විය හැකිබව සහ වැඩිදියුණු වියහැකි බව විශ්වාස කරන්න.” 2

සටහන්:

  1. Thomas S. Monson, “See Others as They May Become,” Liahona, Nov. 2012, 70.

  2. Jeffrey R. Holland, “The Best Is Yet to Be,” Liahona, Jan. 2010, 19, 20.

© Harry Anderson/The Woman Taken in Adultery/licensed by GoodSalt.com; Living Water, by Simon Dewey; detail from Lovest Thou Me More Than These? by David Lindsley