2019
සභාවේදී එක්කරගැනීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කරන්නේ කෙසේද?
ජූලි 2019


රූපය
ministering

දේවසේවා මූලධර්ම, 2019 ජූලි

සභාවේදී එක්කරගැනීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කරන්නේ කෙසේද?

අපගේ කොට්ටාශ සහ ශාඛා වටපිටාව දෙස අපි බැලීමේදී, පහසුවෙන්ම ගැලපෙනවා යැයි පෙනෙන පුද්ගලයින් අපි දකී. අපි තේරුම්නොගන්නා කාරණය වන්නේ පහසුවෙන්ම ගැලපෙනවා යැයි පෙනෙන අය අතරත්, අතහැර දැමූ ලෙස හැඟෙන බොහෝ අය සිටින බවයි. උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් අඩකට කිට්ටු පිරිසකට අන් අයගෙන් වෙන්ව තනිකම, අතහැර ඇති බව හෝ හුදකලා වී ඇති බව හැඟෙන බව එක් අධ්‍යනයක් මෑතකදී සොයාගෙන ඇත.1

එක්වී ඇතිබව හැඟීම වැදගත්. එය මූලික මනුශ්‍ය අවශ්‍යතාවක් මෙන්ම අපි අයිති නැති බව හැඟෙන විට, එය වේදනාකාරීයි. නොසලකාහැර දැමීමෙන් ශෝකයේ සහ කෝපයේ හැඟීම් නිපදවීමට හැකිවෙයි.2 අපි ඇතුලත් බව අපිට හැඟෙන්නේ නැතිවිට, අපිට වඩා සැනසීමක් ඇති ස්ථානයක් සෙවීමට අපි පෙලඹෙයි. හැමකෙනෙක්ම සභාවට අයිතියි යන හැඟීම ඔවුන්ට ලබාදීමට අපි උදව්කළ යුතුයි.

ගැලවුම්කරුවාණන් මෙන් එක්කරගැනීම

ගැලවුම්කරුවාණන්වහන්සේ අනෙක් අයව වටිනා ලෙස සැලකීම සහ එක්කරගැනීම සඳහා පරිපූර්ණ උදාහරණයයි. උන්වහන්සේ උන්වහන්සේගේ අපෝස්තුළුවරුන් තෝරාගැනීමේදී, තත්වය, ධනය හෝ උතුම් වෘත්තීන් පිළිබඳ උන්වහන්සේ අවධානය යොමුකලේ නැත. යුදෙව්වරුන් සමරිතානුවන් දෙස කොපමණ පහත් ලෙස බැලුවද තම දිව්‍යත්වය පිළිබඳ සාක්ශි දරමින්, ළිඳ අසල සිටි සමරිතානු කාන්තාව උන්වහන්සේ අගය කළ සේක (බලන්න යොහාන් 4). උන්වහන්සේ පුද්ගලයා දෙස බලන්නෙක් නොව නමුත් හදවත දෙස බලන සේක (බලන්න 1 සැමුවෙල් 16:7; දහම සහ ගිවිසුම 38:16, 26).

ගැලවුම්කරුවාණන් මෙසේ කී සේක:

“මා ඔබ සැමට ප්‍රේම කළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේම කරන්නය කියා අලුත් ආඥාවක් මම ඔබ සැමට දෙමි.

“ඔබ සැම එකිනෙකාට ප්‍රේමකරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත”‍ (යොහාන් 13:34–35).

අපට කළ හැක්කේ කුමක්ද?

කෙනෙකු ඉවත සිටිනවා යැයි හැඟීමක් ඔවුන්ට දැනනවාදැයි කීම යම් අවස්ථාවන් හිදී අපහසුය. බොහෝ අය එය කියන්නේ නැත - කීවත් පැහැදිලිවම නොකියයි. නමුත් ආදරණීය හදවතකින්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීමෙන්, සහ දැනගැනීමට දරන ප්‍රයත්නයන්ගෙන්, සභා රැස්වීම් වලදී සහ ක්‍රියාකාරකම් වලදී ඇතුළත් නැති බවක් හැඟෙන බව කෙනෙක්ට දැනෙන විට අපට හඳුනාගත හැකි වනු ඇත.

කෙනෙකු ඇතුලත් නැති බව පෙනිය හැකි සංඥා:

  • දෑත් බැඳ සිටීම හෝ දෑස් පහළට යොමුවී තිබීම වැනි සංවෘත ශරීර අංග චලන.

  • කාමරයේ පිටිපස වාඩිවී සිටීම හෝ තනිව වාඩිවී සිටීම.

  • සභාවට සහභාගී නොවීම හෝ දිනපතා සහභාගී නොවීම.

  • රැස්වීම් හෝ ක්‍රියාකාරකම් වලින් වේලාසනින් පිටවී යාම.

  • සාකච්ජා හෝ පාඩම් වලට සහභාගී නොවීම.

මේවා ලැජ්ජාව, බිය හෝ අපහසුවක් දැනීම වැනි හැඟීම් වල සංඥාද විය හැකිය. සාමාජිකයින් සභාවට නව සාමාජිකයින් වූ විටදී, වෙනත් රටකින් හෝ සංස්කෘතියකින් වූ විටදී, හෝ දික්කසාදය, පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් හෝ ධර්මදුත සේවයකින් කලින් පැමිණීම වැනි ජීවිතයේ කම්පනකාරී මෑතකාලීන අත්දැකීමක් නිසා ඔවුන්ට “වෙනස්” ලෙස හැඟිය හැකිය.

හේතුව කුමක් වුවත්, ප්‍රේමයෙන් ඔවුන් කරා ලංවීමට අපි පසුබට නොවිය යුතුය. අපි කියන දේ සහ අපි කරන දේ තුලින් හැමදෙනාවම පිළිගන්නා බවත් හැමදෙනාවම අවශ්‍ය බවත් දැනෙන හැඟීමක් නිර්මාණය කළ හැකිය.

එක්වීමේ සහ පිළිගැනීමේ යම් ආකාර:

  • සභාවේදී සැමවිටම එකම පුද්ගලයන් සමග වාඩිනොවන්න.

  • සත්‍ය පුද්ගලයා දැකීමට නම් පුද්ගලයින්ගේ පිටත පෙනුම අභිබවා බලන්න. (මෙම මාතෘකාව මත වැඩි තොරතුරු සඳහා, බලන්න “දේවසේවය යනු ගැලවුම්කරුවාණන් දුටු ලෙස අන් අයව දැකීමයි,” ලියහෝනා, 2019 ජුනි, 8–11.)

  • සාකච්ජා වලදී අන් අයවත් එක්කරගන්න.

  • ඔබගේ ජීවිතයේ කොටසක් වෙන්නට අන් අයට ආරාධනා කරන්න. ඔබ දැනටමත් සැලසුම් කරන ක්‍රියාකාරකම් වලට ඔවුන්ව ඇතුලත් කරගැනීමට ඔබට පුළුවන්.

  • පොදුවේ කැමති දේ සොයා ඒ මත ගොඩනැගෙන්න.

  • ඔබගේ බලාපොරොත්තුවීම් වලට යමෙක් නොගැලපුනු නිසාවෙන්ම මිත්‍රත්වය අහක් කර නොගන්න.

  • ඔබ යම් පුද්ගලයෙකු පිළිබඳ යම් අනන්‍යතාවයක් දුටු විට, එයින් ලිස්සා යාම හෝ එය ප්‍රතික්ශේප කිරීම වෙනුවට ඒ ගැන උනන්දුවන්න.

  • ප්‍රේමය පෙන්වා අවංක ප්‍රශංසාවන් කරන්න.

  • ඔවුන්ගේ වෙනස්කම් කොපමණ තිබුනද, සභාව හැමදෙනාම වෙනුවෙන් බව අප ඇත්තටම පවසන දේ ගැන සිතීම සඳහා කාලය ගන්න. අපි මෙය සැබෑවක් කරන්නේ කෙසේද?

අපගෙන් වෙනස් වන පුද්ගලයන් අතර සුවපහසු බවක් හැඟීම සෑමවිටම පහසු නැත. නමුත් පුහුණුවීමත් සමගම, වෙනස්කම් තුල අගයක් දැකීමට සහ එක් එක් පුද්ගලයා ලබාදෙන අනන්‍ය වූ දායකත්වය අගය කිරීම තුල අපට තව තවත් හොඳ විය හැකිය. ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ වැඩිහිටි ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ් ඉගැන්වූ පරිදි, අපගේ වෙනස්කම් වලට අපව වඩා හොඳ, සතුටුවන පුද්ගලයන් බවට පත්කළ හැකිය: “එන්න, සුවකිරීමේ, කරුණාවේ, සහ දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි දයාවේ සංස්කෘතිය ගොඩනගා ශක්තිමත් කිරීමට අපට උදව්වෙන්න.”3

එක්කකරගැනීමෙන් ආශිර්වාදිත වීම

ක්‍රිස්ට්ල් වොචර් ඇය උපත ලැබූ රට යුද්ධයෙන් දෙකඩ වූ පසු වෙනත් රටකට ගියාය. ඇය එම භාශාව හොඳින් කථා නොකළ අතර ඇගේ නව වටපිටාවේ කිසිවෙකුවවත් දැන නොසිටි නිසා, ඇයට පළමුව හුදකලාවක් සහ තනිකමක් දැණිනි.

සභාවේ සාමාජිකාවක් ලෙස, ඇගේ ධෛර්යය ලබාගෙන ඇගේ නව කොට්ටාශයට සහභාගී වන්නට පටන් ගත්තාය. ඇයගේ තද කතා කරන විලාසය පුද්ගලයින් ඇය සමග කථා කිරීම වළකාලන බවක් හෝ තනි කාන්තාවක් ලෙස ඇයව විනිශ්චය වේ යැයි ඇය දුක් වූවාය.

නමුත් ඇයගේ වෙනස්කම් නොසලකාහරිමින් ඔවුන්ගේ මිතුරු සමාජයට ඇයව පිළිගත් අය ඇයට හමුවිය. ඔවුන් ප්‍රේමයෙන් ලඟාවූ අතර, ඇය ප්‍රාථමික පන්තියේ උගන්වමින් කාර්යබහුල වී සිටින බව ඇය ඉක්මනින්ම වටහාගත්තාය. ළමුන් පිළිගැනීමේ ශ්‍රේෂ්ට උදාහරණ වූ අතර, ප්‍රේමය ලැබීම සහ ඇයව අවශ්‍ය බව හැඟීම නිසා ඇයගේ ඇදහිල්ල ශක්තිමත් වී ස්වාමින්වහන්සේ කෙරෙහි ඇයගේ ජීවිතකාලය පුරා තිබූ කැපවීම පිබිදීමට එය උපකාරයක් විය.

සටහන්:

  1. See Alexa Lardieri, “Study: Many Americans Report Feeling Lonely, Younger Generations More So,” U.S. News, May 1, 2018, usnews.com.

  2. See Carly K. Peterson, Laura C. Gravens, and Eddie Harmon-Jones, “Asymmetric Frontal Cortical Activity and Negative Affective Responses to Ostracism,” Social Cognitive and Affective Neuroscience, vol. 6, no. 3 (June 2011), 277–85.

  3. Dieter F. Uchtdorf, “Believe, Love, Do,” Liahona, Nov. 2018, 48.