2023
ගෙත්සෙමනිය
2023 ජුනි


“ගෙත්සෙමනිය,” යෞවනයේ ශක්තිය සඳහා, 2023 ජුනි.

ශුද්ධලියවිලි වල ස්ථාන

ගෙත්සෙමනිය

අප වෙනුවෙන් ගැලවුම්කරුවාණන්ගේ දුක් වේදනා ආරම්භ වූ ස්ථානය ගැන තවත් දැනගන්න.

රූපය
ඔලිව් වත්ත

එය තිබෙන්නේ කොහෙද?

යෙරුසෙලමේ නැගෙනහිර දෙසින් ඇති ඔලිව් කන්දේ බෑවුම (නිදර්ශනයේ දකුණු පස, විශාල ගසකින් සලකුණු කර ඇත).

රූපය
පුරාණ යෙරුසලමේ සිතියම

ජිම් මැඩ්සන් විසින් යෙරුසලමේ සිතියම් නිදර්ශනය

එහි තිබුණේ කුමක්ද?

ඔලිව් ගස් වත්තක් සහ ඔලිව් වලින් තෙල් ලබා ගැනීමට ඇති යන්ත්‍රයක්.

රූපය
ඔලිව් තෙල් යන්ත්‍රය

මෙහි සිදු වුණේ කුමක්ද?

අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් එකොළොස් දෙනෙකු සමඟ ගෙත්සෙමනට ගියේය. ඉන්පසු උන්වහන්සේ යාච්ඤා කිරීමට එහි පැත්තකට ගිය අතර පේත්‍රැස්, යාකොබ් සහ යොහන් යන අයව උන්වහන්සේ සමඟ කැඳවාගෙන ගියේය.

උන්වහන්සේ “බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත් සේක.” “මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි” ලෙස උන්වහන්සේ පැවසුවේය (මාර්ක් 14:33–34).

උන්වහන්සේ මෙසේ යාච්ඤා කළේය, “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා.

“එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේව ශක්තිමත් කළේය.

“උන්වහන්සේ මහත් වේදනා වින්ද සේක් වඩා ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය” (ලූක් 22:42–44).

ගැලවුම්කරුවාණන්ගේ මෙම දැඩි දුක් වේදනා වලින් පසුව, උන්වහන්සේව යූදස් විසින් පාවා දෙනු ලැබූ අතර යුදෙව් නිලධාරීන් සහ රෝම සොල්දාදුවන් කණ්ඩායමක් විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබීය.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනෙහි

මයිකල් මාල්ම් විසින්, Gethsemane [ගෙත්සෙමනිය]

සටහන්

  1. බලන්න D. Todd Christofferson, Oct. 2016 general conference (Ensign or Liahona, Nov. 2016, 50).