2023
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරන ආකාර 4ක්
2023 ජනවාරි


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරන ආකාර 4ක්,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2023 ජන.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2023 ජනවාරි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරන ආකාර 4ක්

ක්‍රිස්තුස්වහන්සේ තුළින් මට සෑම දෙයක්ම කළ හැකිය.
පිලිප්පි 4:13.

රූපය
කෙයාර්න්

ලොව පුරා කිතුණුවන් මෙම ශුද්ධලියවිල්ලෙහි ප්‍රීති වනවා: “මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කළ හැකිය” (පිලිප්පි 4:13).

මිනිසුන්ට මෙය ඇසෙන විට, ඔවුන්ගෙන් සමහරෙකුට, මෙයින් අදහස් වන්නේ ඔවුන්ට ඕනෑම පරීක්ෂණයක් සමත් විය හැකි බවත්, ඕනෑම තරඟයක් දිනිය හැකි බවත්, සෑම ප්‍රාර්ථනාවක්ම ඉටු කර ගත හැකි බවත් කියා හැඟෙන්නට පුළුවන්. නමුත් මේ ශුද්ධලියවිල්ලේ උගන්වන්නේ එය නොවෙයි.

එය ලියා ඇත්තේ ප්‍රේරිත පාවුල් විසින් ඔහු සිරගතව සිටියදීයි. සිරකරුවෙකු ලෙස, පාවුල්ට කළ නොහැකි බොහෝ දේ තිබුණත්, වඩාත්ම වැදගත් දේ කිරීමට තමාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හට ශක්තිමත් කළ හැකි බව ඔහු දැන සිටියේය.

එය බටත් එසේමයි!

1 දැනගැනීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරයි

ඔබට සත්‍යය කුමක්දැයි දැනගැනීමට හැකි වැදගත් ක්‍රම කිහිපයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට දී තිබේ. සෑමවිටම යාච්ඤා කිරීමට (බලන්න 3 නෙපි 18:18) සහ සත්‍යය කුමක්දැයි දැන ගැනීමට (බලන්න මොරෝනි 10:4–5) උන්වහන්සේ අප සැමට උගන්වා තිබේ. ඔබගේ ශුද්ධලියවිලි අධ්‍යයනය තුළින් සත්‍ය කුමක්දැයි සොයා ගැනීමට සහ දැන ගැනීමටත් ඔබට හැකියාව ඇත.

යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය ඔබගේ ජීවිතයට ආත්මයාණන්ව ගෙන එයි. ආත්මයාණන් “නුඹගේ මනසට සහ … නුඹගේ හදවතට කතා කොට (දහම සහ ගිවිසුම් 8:2), “නුඹලාගේ ප්‍රාණය ප්‍රීතියෙන් පුරවා,” “නුඹලාගේ මනස ආලෝකමත් කරනු ඇත” (දහම සහ ගිවිසුම් 11:13).

මේ ආකාරයෙන්, ඔබට “උන්වහන්සේට සවන් දිය හැක”—ගැලවුම්කරුවාණන්ට සවන් දී උන්වහන්සේ පැවසූ දේ අනුගමනය කරන්නට හැකිය. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ මෙය “මේ ජීවිතයේ සාර්ථකත්වය, සතුට සහ ප්‍රීතිය සඳහා වූ රටාව” බවයි.1

2 කිරීමට ක්‍රිස්තුස්වහන්සේ ඔබට ශක්තිය ලබා දෙයි

ඔබ ආඥා පිළිපැදීමට සහ සාමයට සහ සතුටට මගපාදන හොඳ තේරීම් කිරීමට උත්සාහ කරන විට ශක්තිය ඔබ වෙත පැමිණෙයි. එම තේරීම් කිරීමට අපහසු අවස්ථාවලදී පවා මෙය කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරයි. සමහරවිට ඔබ වැරදි තේරීමක් කළ හැකියි. ස්තූතිවන්ත වන්නට, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම පසුතැවිලි වීමට ඉඩ සලසයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඔබට පවිත්‍ර වී ප්‍රීතිය අත්විඳිය හැකියි. සෑමදිනකම “වඩාත් හොඳින් කිරීමට සහ වඩාත් හොඳ වීමට2 උන්වහන්සේට ඔබව ශක්තිමත් කළ හැකියි.

3 ඔබට ජය ගැනීමට ක්‍රිස්තුස්වහන්සේ ශක්තිය ලබා දෙයි

සිරගතව සිටියදී පාවුල් මෙසේ ලීවේය: “මක්නිසාද මම මොන තත්වයක සිටි නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.

“පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි, සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි” (පිලිප්පි 4:11–12).

වෙනත් වචන වලින් කිවහොත්, ක්‍රිස්තුස්වහන්සේ තුළින් තමාගේ පරීක්ෂාවන් සහ අභියෝග ජයගෙන ඉගෙන ගත හැකි බව පාවුල් ඉගෙනගත්තේය. එලෙසම කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරයි.

ගැලවුම්කරුවාණන් “සියලු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන් සහ පරීක්ෂාවන්” වින්දේය. උන්වහන්සේගේ සෙනඟගේ දුර්වලතා අනුව ඔවුන්ට උපකාර කරන්නේ කෙසේදැයි” දැනගන්නා පිණිස උන්වහන්සේ අපගේ දුර්වලතා උන්වහන්සේ වෙත භාරගත්තේය (ඇල්මා 7:11–12). ඔබ මුහුණ දෙන දේ කුමක් වුවත්, ඔබට තනිවම කළ නොහැකි දේවල් විඳදරාගැනීමට සහ ඉටු කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව ශක්තිමත් කරයි.

4 ඔබට වීමට ක්‍රිස්තුස්වහන්සේ ශක්තිය ලබා දෙයි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සැමට නැවත නැගිටීම යථාර්ථයක් බවට පත් කර ඇති අතර, පසුතැවිලි වී, අත්‍යවශ්‍ය නියෝගයන් ලබා ගන්නා සහ ඒවාට අදාළ ගිවිසුම් ඇති කරගන්නා අයට උන්වහන්සේ සදාකාල ජීවනය ලබා දෙයි. ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව, ස්වර්ගික පියාණන්වහන්සේට වඩාත්ම අවශ්‍ය දේ වන අප උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීම හා උන්වහන්සේලා සමඟ සදාකාලිකව වාසය කිරීම ඉටු කිරීමට අපට නොහැකි වෙයි.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්නා විට, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට සහ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන විට ඔබට බොහෝ සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය හැකිය. මෙය ඔබට වැඩි විශ්වාසයක්, බලාපොරොත්තුවක්, පවිත්‍ර ප්‍රේමයක්, ඉවසීමක්, නිහතමානීකමක්, නිර්මලකමක් සහ කීකරුකමකින් යුතුව ජීවත් වීමට මග පාදයි. මේ සියල්ල ගැලවුම්කරුවාණන්ගේ ගුණාංග වේ.

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන විට, උන්වහන්සේ ඔබට විය හැකි බව උන්වහන්සේ දන්නා සියල්ල බවට පත් වීමට ඔබට මගපෙන්වන ඔබේ බලාපොරොත්තුව සහ ඔබේ ආලෝකය වනු ඇත. තවද, පාවුල් සමඟ, “මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට හැකියි” යනුවෙන් පැවසීමට ඔබට හැකි වනු ඇත.