2022
බලා සිටින්න එපා! එඬේරුන් මෙන් වන්න
2022 දෙසැම්බර්


“බලා සිටින්න එපා! එඬේරුන් මෙන් වන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, දෙසැ. 2022.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 දෙසැම්බර්

ලූක් 2:8–20

බලා සිටින්න එපා! එඬේරුන් මෙන් වන්න

රූපය
එඬේරුන්

බොහෝ කලකට පෙර නිහඬ රාත්‍රියක එඬේරුන් තම රැළ උනන්දුවෙන් බලාගනිමින් සිටියා.

රූපය
බැටළුවන්

එඬේරුන්ට වැදගත් කාර්යයක් තිබුණා. බැටළුවන්ට ආහාර, ජලය සහ අනතුරු වලින් ආරක්ෂාව අවශ්‍ය වුණා.

රූපය
දේවදූතයා

හදිසියේම, දේවදූතයෙකු පෙනී සිටියා!

“භය නොවෙල්ලා, බලව, මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. … මක්නිසාද ස්වාමි වූ ක්‍රිස්තුස් නම් … ගැලවුම්කාරයෙක්, නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.”

රූපය
දේවදූතයා

දේවදූතයා එඬේරුන්ට කීවේ බෙත්ලෙහෙමේ ගව ඔරුවක වැතිර සිටින ළදරුවා රෙදිවලින් ඔතා සිටිනවා ඔවුන්ට සොයාගත හැකි බවයි.

රූපය
දේවදූත ගායනා කණ්ඩායම

දේවදූත ගායනා කණ්ඩායමක් අහස පුරවාගෙන දේවදූතයා සමඟ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා.

“ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද, පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි, සමාදානයද වේවා.”

රූපය
එඬේරුන්

“අපි බෙත්ලෙහෙමට ගොස් ස්වාමින්වහන්සේ අපට දන්වා ඇති දේ බලමු.”

රූපය
එඬේරුන් තරුව අනුගමනය කරමින්

එඬේරුන් ප්‍රමාද වුණේ නෑ. මෙය ඉතා වැදගත් වුණා! ඔවුන් බෙත්ලෙහෙමට “වහාම” පැමිණියා.

රූපය
ගව ඔරුව ලඟ එඬේරුන්

දේවදූතයා පැවසූ පරිදි වස්ත්‍රයකින් ඔතා ගව ඔරුවක වැතිර සිටි යේසුස්වහන්සේව එඬේරුන් සොයාගත්තා.

රූපය
යේසු බිලිඳා

ලෝකයේ ගැලවුම්කරුවා සහ මිදුම්කරුවා වීමටත් අපට සැබෑ ප්‍රීතිය ගෙන ඒමටත් පැමිණි පොරොන්දු වූ මෙසියස් මොහුයි!

රූපය
එඬේරුන්

එඬේරුන් ඉතා උද්යෝගිමත් වුණා! ඔවුන් ඇසූ දුටු දේ බෙදාගත්තා.

“ලෝකයේ ගැලවුම්කරුවාණන් උපත ලැබුවා!”

“අවසානයේ මෙසියස්වහන්සේ පැමිණියා!”

රූපය
පිරිමි ළමයෙකු ශුද්ධලියවිලි කියවමින්

එඬේරුන් “වහාම” යේසුස්වහන්සේ ළඟට පැමිණියා. ඔබටත් එසේ කරන්න පුළුවන්!.

ඔබට උන්වහන්සේ ගැන ඉගෙනගන්න පුළුවන්.

රූපය
පිරිමි ළමයෙකු තණකොළ කපමින්

අන් අයට සේවය කිරීමෙන් ඔබට උන්වහන්සේට සේවය කරන්න පුළුවන්.

රූපය
තරුණ කාන්තාවක් මොර්මොන්ගේ පොත පිරිමි ළමයෙකු සමඟ බෙදා ගනිමින්

ඔබට උන්වහන්සේ ගැන සාක්ෂි දරන්න පුළුවන්.