2022
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වන්න
2022 සැප්තැම්බර්


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2022 සැප්.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 සැප්තැම්බර්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වන්න

අපගේ ස්වාමින්වහන්සේ සහ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිතයට ඇද ගත හැකි ආකාරය බෙදාගැනීමට මම කැමතියි.

අපි උන්වහන්සේ ගැන ඉගෙනීමෙන් පටන්ගමු.1 “[අපට] නොදැනුවත්කම තුළ ගැලවීම ලබාගත නොහැකිය” (දහම සහ ගිවිසුම් 131:6). ගැලවුම්කරුවාණන්ගේ දහම සහ උන්වහන්සේ අප වෙනුවෙන් කළ දේ ගැන අපි වැඩි වැඩියෙන් තේරුම් ගන්නා තරමට, අපගේ ජීවිතයට අවශ්‍ය බලය උන්වහන්සේට සැපයිය හැකි බව අපි දැනගන්නවා.

පසුදවස් වල ශුද්ධවන්තයින් ලෙස, අපි උන්වහන්සේගේ ධර්දූමත මෙහෙවර හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ලෙසයි, එය සැමට නැවත නැඟිටීම යථාර්ථයක් බවට පත්කළ අතර, ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වී අත්‍යවශ්‍ය නියෝග සහ ගිවිසුම් ලබාගෙන ඒවා පිළිපදින අයට සදාකාල ජීවනය ලබාදෙනවා.

පියාණන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සදාකාලික සැලැස්ම යටතේ, දුක් වින්දේ ගැලවුම්කරුවාණන්. මරණයේ බැමි බිඳ දැමුවේ ගැලවුම්කරුවාණන්. පසුතැවිලි වීමේ කොන්දේසිය මත අපගේ පාප සහ වැරදි සඳහා මිල ගෙවා ඒවා මකා දැමුවේ ගැලවුම්කරුවාණන්. ශාරීරික හා අධ්‍යාත්මික මරණයෙන් අපව ගලවාගන්නේ ගැලවුම්කරුවාණන්.

වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම වැනි පූජනීය වචන විස්තර කරන්නේ, අපට මේ ජීවිතයේ බලාපොරොත්තුවෙන් යුතුව ජීවත් වීමටත්, මතු ලෝකයේ සදාකාල ජීවනය ලබාගැනීමට හැකිවන පිණිසත්, පියාණන්වහන්සේගේ සැලැස්මට අනුව, ගැලවුම්කරුවාණන් කළ දේ ගැනයි.

සටහන

  1. ඔබට Topical Guide හෝ Guide to the Scriptures හි “Jesus Christ” සහ “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය,” ChurchofJesusChrist.org යන මාතෘකා යටතේ අධ්‍යනය කළ හැකිය.