2022
අපේ පාද වලට පහනක්
2022 අගෝස්තු


“අපේ පාද වලට පහනක්,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2022 අගෝ.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 අගෝස්තු

අපේ පාද වලට පහනක්

පුරාණ ඊශ්‍රායෙලිතයන් සඳහා වූ පොදු වස්තුවකට අපට ස්වාමින්වහන්සේ මගපෙන්වන ආකාරය ඉගැන්විය හැකිය.

රූපය
තෙල් පහන

කරුණු

පරණ ගිවිසුමේ කාලයේ, මිනිසුන් ඔවුන් සමඟ අඳුරේ ආලෝකය රැගෙන යාමට තෙල් ලාම්පු භාවිතා කළහ. මෙම ලාම්පු බොහොමයක මූලික ලක්ෂණ තුනක් තිබිණි:

  1. ඔලිව් තෙල් රඳවා තබාගැනීමට මැටි බඳුනක්; සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ අත්ලේ තබාගැනීමට තරම් කුඩා එකක්

  2. තෙල් උරා ගත් පසු දැල්විය හැකි හණ තිරයක්

  3. පහන් තිරය රඳවාගැනීමට කෙමියක් හෝ තුණ්ඩයක්

එක් පහන් තිරයක් සහිත සරල තෙල් ලාම්පු ඒවා වටා අඩි කිහිපයක් සඳහා ආලෝකය විහිදුවයි. එහා මෙහා ඇවිදින විට එය භාවිතා කිරීමේදී, ඔබට අඳුරේ ප්‍රවේශමෙන් එහා මෙහා යාමට හැකිවන පරිදි ඔබට වඩා එක් පියවරක් ඉදිරියෙන් දැකීමට ප්‍රමාණවත් ආලෝකයක් ඒවා ලබාදෙනු ඇත.

අපට ඉගෙනගත හැකි දේ

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තෙල් පහනක් අතැතිව

අවසරය ඇතිව භාවිතා වේ. සයිමන් ඩිවි විසින්, Lead, Kindly Light [කරුණාවන්ත ආලෝකය, මගපෙන්වන්න] altusfineart.com අනුග්‍රහයෙනි © 2022.

ලෝකයේ අප වටා ඇති අන්ධකාරය සහ ව්‍යාකූලත්වය තුළින් අපගේ මාර්ගය ආලෝකමත් කිරීමට ස්වාමින්වහන්සේගේ වචනයට හැකිය.

ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා ඇත්තේ අපගේ ආලෝකය වසා නොගන්නා ලෙස, සහ අන් අයට එය දැකිය හැකිවන පරිදි ශුභාරංචියේ ආලෝකය අප සමඟ රැගෙන යන ලෙසයි (බලන්න මතෙව් 5:14–16).

අපගේ ලාම්පු තෙල් වලින් පිරී ඇති බවට වගබලාගැනීම අප සතුය (බලන්න මතෙව් 25:1–13). අපි මෙය කරන්නේ යාච්ඤාව, ශුද්ධලියවිලි අධ්‍යයනය, සේවය, අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම, සහ වෙනත් ඇදහිල්ලේ සහ භක්තියේ ක්‍රියාවන් මගිනි (බලන්න Spencer W. Kimball, Faith Precedes the Miracle [1972], 256).

අප ඇදහිල්ල ක්‍රියාත්මක කරන්නේ නම්, සමහරවිට තවත් එක් පියවරක් තැබීමට ස්වාමින්වහන්සේ අපගේ මාර්ගය ආලෝකමත් කරයි (බලන්න Boyd K. Packer, “The Candle of the Lord,” Ensign, Jan. 1983, 54).