මිතුරා
එස්තර් රැජින
මිතුරා 2026 අගෝස්තු


“එස්තර් රැජින,” මිතුරා, 2026 අගෝ., 46–48.

මාසික මිතුරා පණිවිඩය, 2026 අගෝස්තු

එස්තර් රැජින

එස්තර් රැජින සහ රජුගේ නිදර්ශනය

එස්තර් කියන්නෙ පර්සියාවේ ජීවත් වූ ඊශ්‍රායෙල් ජාතිකයෙක් එහෙම නැත්නම් යුදෙව්වෙක්.‍ රජතුමා ඇයව තම රැජින ලෙස තෝරා ගත්තා.

සිටගෙන සිටින මොර්දෙකයි දෙසට අත ඔසවන, කෝපයට පත් හාමාන්ගේ නිදර්ශනය

හාමාන් තමයි රජුගේ සේවකයා වුණේ. හැමෝටම ඔහුට හිස නමන්න සිද්ධ වුණා. නමුත් එස්තර්ගේ ඥාති සහෝදරයා වන මොර්දෙකයි නමස්කාර කළේ ස්වාමින්වහන්සේට විතරයි.

ලියවිල්ලකින් කියවන සොල්දාදුවන්ගේ  නිදර්ශනය

හාමාන් කෝපයට පත් වෙලා යුදෙව්වන් නීතිය අනුගමනය කරන්නේ නැහැ කියලා රජුට පැවසුවා. සියලුම යුදෙව්වන් මරා දමන්න කියලා අලුත් නීතියක් පනවන්න රජු හාමාන්ට ඉඩ දුන්නා.

මොර්දෙකයි එස්තර් සමඟ කතා කරන නිදර්ශනය

හාමාන්ගේ නීතිය වෙනස් කිරීම ගැන රජු සමඟ කතා කරන ලෙස මොර්දෙකයි එස්තර්ගෙන් ඉල්ලා සිටියත්, ඇය බිය වුණා. සමහර වෙලාවට ආරාධනයක් නැතුව තමා වෙත එන මිනිසුන්ව රජු මරා දැමුවා.

මාලිගාවේ සිටින එස්තර්, ඒ අසලින් යන අය දෙස බලා සිටින නිදර්ශනය

ස්වාමින්වහන්සේ එස්තර්ව රජුගේ මාළිගාවේ තබන්නට ඇත්තේ යුදෙව්වන්ව බේරා ගැනීමට බව මොර්දෙකයි පැවසුවා.

එස්තර් සහ කාන්තාවන් දෙදෙනෙකු දණ ගසා යාච්ඤා කරන නිදර්ශනය

රජු සමඟ කතා කරන්න ඕනේ කියලා එස්තර් දැන සිටියා. ඇය යුදෙව්වන්ගෙන් සහ ඇගේ සේවකයන්ගෙන් ඇය සමඟ නිරාහාර ශීලය කරන ලෙස ඉල්ලා සිටියා.

රජු එස්තර් වෙත තම යෂ්ටිය දිගු කරන නිදර්ශනය

එස්තර් දින තුනක් නිරාහාර ශීලීව සිටියා. ඇය රජු ලඟට ගිය විට, ඔහු තම යෂ්ටිය දිගු කළා. මෙයින් අදහස් වුණේ ඔහු ඇයව දැකීමෙන් සතුටු වුණ බවයි. හාමාන්ගේ නීතිය නිසා තමා සහ ඇගේ සෙනඟ මරණයට පත්විය හැකි බව එස්තර් රජුට පැවසුවා.

ආලෝක කිරණ තුළින් ස්වර්ගය දෙස බලන එස්තර්ගේ නිදර්ශනය

රජතුමා යුදෙව්වන්ව ආරක්ෂා කරන අලුත් නීතියක් පැනෙව්වා. ස්වාමින්වහන්සේ ගැන තිබුණ එස්තර්ගේ ඇදහිල්ල සහ ඇගේ ධෛර්යය ඇගේ සෙනඟව බේරාගත්තා.

පාට කරන පිටුව

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අන් අයට පවසන්න පුළුවන්

බස් නැවතුම්පොළක සිටින පිරිමි ළමයෙකු ගැහැණු ළමයින් දෙදෙනෙකුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් පෙන්වන පින්තූරයක් පාට කරන පිටුවක PDF එකක්

නිදර්ශනය ඕඩ්‍රි ඩේ විසින්. සභාවේ භාවිතය සඳහා පමණක් පිටපත් කළ හැකිය.

ඔබට ශුභාරංචිය බෙදා ගන්න පුළුවන් කා සමඟ ද? යාච්ඤා කර ඉල්ලන්න!