“එලිෂා නාමන්ව සුව කරයි,” මිතුරා, 2026 ජුලි, 46–48.
මාසික මිතුරා පණිවිඩය, 2026 ජුලි
එලිෂා නාමන්ව සුව කරයි
නාමන් සිරියානු හමුදාවේ කපිතාන්වරයෙක්. ඔහුට ලාදුරු රෝගය නමින් හැඳින්වෙන වේදනාකාරී සමේ රෝගයක් වැළඳී තිබුණා.
නාමන්ගේ බිරිඳට ඊශ්‍රායෙල් ජාතික තරුණියක් වූ සේවිකාවක් සිටියා. ඒ ගැහැණු ළමයාට ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබුණා. නාමන් අනාගතවක්තෘ එලිෂාව බැහැදකින්න ගියොත් නාමන්ගේ අසනීපය සුව වෙයි කියලා ඇය කිව්වා.
නාමන් එලිෂාගේ නිවසට බොහෝ දුර ගමන් කළා. එලිෂා තම සේවකයා නාමන් වෙතට යවා, ඔහු ජෝර්දාන් ගඟේ සත් වරක් ස්නානය කළහොත් ස්වාමින්වහන්සේ ඔහුව සුව කරන බව කිව්වා
නාමන් කෝප වුණේ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා පිටතට ඇවිත් තමාව සුව කරන්න ඔහුට අවශ්‍ය වුණ නිසයි. ජෝර්දාන් ගඟ සිරියාවේ මහා ගංගා තරම් හොඳ නැහැ කියලා නාමන් පැමිණිලි කළා.
ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා ඔහුට කිරීමට පැවසූ සරල කාර්යය ඔහු කරන්නේ නැත්තේ ඇයි කියලා නාමන්ගේ සේවකයෝ නාමන්ගෙන් ඇසුවා.
නාමන් උඩඟු වීම නවතා තම සේවකයන්ට සවන් දුන්නා. ඔහු ජෝර්දාන් ගඟේ හත් වරක් ස්නානය කළ අතර, ස්වාමින්වහන්සේ ඔහුව සුව කළා. එලිෂා අනාගතවක්තෘවරයෙකු බවත් ස්වාමින්වහන්සේ සැබෑ කෙනෙකු බවත් නාමන් දැන සිටියා.
පාට කරන පිටුව
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න ශුද්ධලියවිලි මට උගන්වනවා
නිදර්ශනය ඕඩ්‍රි ඩේ විසින්. සභාවේ භාවිතය සඳහා පමණක් පිටපත් කළ හැකිය.
යේසුස්වහන්සේව අනුගමනය කරන්න ඔබට උපකාර වන ශුද්ධලියවිලි කතන්දරය මොකක් ද?
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. ඇඑජ හි මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, July 2026 හි පරිවර්තනයකි. Sinhala. 20066 408