මිතුරා
අනාගතවක්තෘවර යෙසායා
2026 දෙසැම්බර්


“අනාගතවක්තෘ යෙසායා,” මිතුරා, 2026 දෙසැ., 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2026 දෙසැම්බර්

අනාගතවක්තෘවර යෙසායා

යෙසායා දර්ශනයකින් ස්වාමීන්වහන්සේව දකින නිදර්ශනය

දිනක් දේවමාළිගාවේ දී, ස්වාමින්වහන්සේ යෙසායාට අනාගතවක්තෘවරයෙකු වෙන්න කතා කළා. යෙසායා මිනිසුන්ට ප්‍රේම කරා, ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන ඔවුන්ට ඉගැන්වුවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන අනාවැකි කියන යෙසායාගේ නිදර්ශනය

තම සෙනඟව පාපයෙන් ගලවා ගන්නට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යම් දිනක පැමිණෙන බව යෙසායා දැන ගත්තා. නමුත් සෑම කෙනෙක්ම උන්වහන්සේව තමන්ගේ ගැලවුම්කරුවාණන් ලෙස හඳුනා ගන්න එකක් නැහැ. බොහෝ දෙනෙක් යේසුස්වහන්සේව විශ්වාස නොකරන බව යෙසායා දැන සිටි නිසා ඔහු දුක් වුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ගැන ලියන යෙසායාගේ නිදර්ශනය

යෙසායා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ගැන අනාවැකි පළ කළා. දවසක උන්වහන්සේ නැවත පැමිණ මුළු පොළොවේම රජු වෙනවා කියලා. උන්වහන්සේ තම පියාණන්වහන්සේගේ සැලැස්ම කරුණාව සහ සාමය සදහටම ගෙන ඒමෙන් ඉටු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් බව සියලු දෙනා දැන ගනී කියලා යෙසායා කිව්වා.

පාට කරන පිටුව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදුණේ බෙත්ලෙහෙමේදීයි

යෝසෙප් බූරුවෙකු රැගෙන යන ආකාරය සහ මරියා ඒ පිට නැගී සිටින ආකාරය දැක්වෙන පාට කරන පිටුවේ PDF එකක්

නිදර්ශනය ඕඩ්‍රි ඩේ විසින්. සභාවේ භාවිතය සඳහා පමණක් පිටපත් කළ හැකිය.

ඔබ ගැලවුම්කරුවාණන්ගේ උපත සමරන්නේ කොහොම ද?