“ගින්නෙන් ආරක්ෂිතයි,” මිතුරා, ඔක්. 2026, 46–48.
මාසික මිතුරා පණිවිඩය, 2026 ඔක්තෝම්බර්
ගින්නෙන් ආරක්ෂිතයි
නෙබුකද්නෙශර් රජු යෝධ රන් පිළිමයක් ඉදිකරලා එයට නමස්කාර කරන්න කියලා තම ජනතාවට බල කළා. ඔවුන් ප්‍රතික්ෂේප කළොත්, ඔවුන්ව ගිනි උදුනකට දානවා.
ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ දෙවියන්වහන්සේට ප්‍රේම කළ අතර රජුගේ බොරු දෙවියන්ට නමස්කාර කළේ නැහැ.
ඔවුන් දෙවියන්වහන්සේට පමණක් නමස්කාර කරන බව මිතුරන් තිදෙනා රජුට පැවසුවා. දෙවියන්වහන්සේට ඔවුන්ව ආරක්ෂා කළ හැකි බව ඔවුන් විශ්වාස කළා. නමුත් උන්වහන්සේ ඔවුන්ව බේරා ගත්තේ නැති වුණත්, ඔවුන් විශ්වාස කළ දේ වෙනුවෙන් නැගී සිටිනවා.
රජු කෝපයට පත් වුණා. ඔහු මිතුරන්ව ගිනි උදුනට විසි කළා. නමුත් රජතුමා උදුන දෙස බැලුවම, මිනිසුන් තිදෙනා සමඟ ගින්නේ දිව්‍යමය ජීවියෙකු දැකීමෙන් ඔහු පුදුමයට පත් වුණා.
රජතුමා ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝට කතා කළ විට, ඔව්හු උදුනෙන් පිටතට ආවා. ගින්නෙන් ඔවුන්ට හානියක් සිදු වී තිබුණේ නැහැ, ඔවුන්ගේ ඇඳුම්වත් පිළිස්සී තිබුණේ නැහැ.
ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ තිබුණත් දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වුණා. ඔවුන්ගේ ආදර්ශය රජුට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට උපකාරී වුණා.
පාට කරන පිටුව
අනාගතවක්තෘවරුන්ව ස්වාමින්වහන්සේගේ වචන කථා කිරීමට කැඳවා තිබෙනවා
නිදර්ශනය ඕඩ්‍රි ඩේ විසින්. සභාවේ භාවිතය සඳහා පමණක් පිටපත් කළ හැකිය.
ඔබ අනාගතවක්තෘවරයාව අනුගමනය කරන්නේ කෙසේ ද?
© 2026 by Intellectual Reserve, Inc. All rights reserved. ඇ.එ.ජ. හි මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, October 2026 හි පරිවර්තනයකි. Sinhala. 20061 408